ඇල්ජිරියානු හමුදා ප්‍රහාරයෙන් කැරළිකරුවන් එකොළහක් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 19 සෙනසුරාදා - 17:00 GMT

සේවකයන් ප්‍රාණ ඇපයට ගනු ලැබු අමෙනාස් ගෑස් නිධිය

නිරිත දිග ඇල්ජීරියාවේ අමෙනාස් ගෑස් නිධියට එරට විශේෂ හමුදා බල ඇණි එල්ල කළ ප්‍රහාරයේදී ඉස්ලාමීය කැරළිකරුවන් 11 දෙනෙක් මරා දැමුණි. ඉස්ලාමීය සටන්කාමීන් අමෙනාස් ගෑස් නිධියේ සේවකයන් ප්‍රාණ ඇපයට ගනු ලැබුවේ දහසය වන බදාදා.

හමුදා ප්‍රහාරයට පෙර ප්‍රාණ ඇපකරුවන් 7 දෙනකු සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බවයි යුද හමුදා නිලධාරීන් උපුටා දක්වන ඇල්ජීරියානු මාධ්‍ය නිවේදනය කළේ.

කෙසේවෙතත් මේ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ අඩුවෙන් මෙන්ම ලැබී ඇති තොරතුරුත් ස්වාධීනව තහවුරු කොට නැත.

කලින් මොරිටෙනියානු ප්‍රවෘත්ති ආයතනය වාර්තා කොට තිබුනේ කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකු ගෑස් නිධියේ කෙළවරක රදවා ගෙන සිටින බවත් ඔවුන් නිදහස් කර ගැනීමට උත්සාහ දැරුවොත් නිධිය පුපුරුවා හරින බවට ඔහු අනතුරු අගවා ඇති බවත්ය.

කැරළිකරුවන් විසින් රදවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව ඇල්ජීරියාවෙන් දිගින් දිගටම ඉල්ලා තිබුණි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.