තොරතුරු විකිනූ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරිනියට සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 1 සිකුරාදා - 14:34 GMT
News of the World

රජයේ රැකියාවක නිරත අතරවාරයේ අයථා අන්දමින් කටයුතු කිරීමේ චෝදනාවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වරදකරු බව තීන්දු කෙරිණ

බ්‍රිතාන්‍යයේ පලවන ප්‍රධාන පුවත් පතකට තොරතුරු අලෙවි කල බවට ඉදිරිපත්වූ චෝදනාවට වරදකාරිය වූ ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරිනියකට පහළොස් මසක සිර දඬුවමක් නියම කෙරිණ.

රජයේ රැකියාවක නිරත අතරවාරයේ අයථා අන්දමින් කටයුතු කිරීමේ චෝදනාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක එප්රිල් කස්බර්න් වරදකරු බවට අධිකරණය තීන්දු කළේ මෙයට මසකට පෙරදීයි.

විවිධ පුද්ගලයින්ගේ දුරකථන කතා බහට රහසින් කන්දීමේ චෝදනා සම්බන්දයෙන් ඇතිවූ ආරවුල හමුවේ වසා දැමුණු නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් සති අන්ත පුවත් පත අමතා දුරකථනයනට රහසින් කන්දීමේ සිදුවීම් පිලිබඳ තොරතුරු ලබා දීමට උත්සාහ කල බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.

බ්‍රිතාන්‍යය පොලීසියේ ත්‍රස්තවාදය මැඩලීමේ දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී අරමුදල් පිලිබඳ පරීක්ෂණය පවත්වන්නාවූ අංශයේ ප්‍රධානියා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එප්රිල් කස්බර්න්කටයුතු කළාය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.