ජපාන නැවුවලට මිසයිල ප්‍රහාර එල්ල කළේ නෑ - චීනය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 8 සිකුරාදා - 14:43 GMT
Japanese warships

තමන්ගේ යුධ නැවක් සහ හෙලිකොප්ටරයක් චීන ප්‍රහාරක මිසයිල වල ට ඉලක්ක වූ බව ජපානය අවධාරණය කරයි

චීන යුධ නැව් ජපාන නෞකාවකට සහ හෙලිකොප්ටරයකට ප්‍රහාරක මිසයිල ඉලක්ක කළ බවට ජපානය එල්ල කරන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරයි.

ජපානය පදනම් විරහිතව චෝදනා එල්ල කරන බව කියා සිටින චීන ආරක්ෂක අමාත්‍යාංශය ජපානය වාර්තා නිර්මාණය කරන බවයි පවසන්නේ.

චීනයේ ප්‍රකාශයට ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය දැක්වූයේ කෝපසහගත ප්‍රතිචාරයක්.

චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ ජපානය චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශය කිසිසේත්ම පිලිගත නොහැකි බව කියා සිටියේය.

තමන්ගේ යුධ නැවක් සහ හෙලිකොප්ටරයක් චීන ප්‍රහාරක මිසයිල වල ට ඉලක්ක වූ බවයි, ජපානය අවධාරණය කරන්නේ.

චීනයේ ක්‍රියා කලාපය ඉතා භයානක සහ ප්‍රකෝපකාරී කටයුත්තක් හැටියට ද ජපානය විග්‍රහ කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.