දරුණු හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ජනපද පහක හදිසි අවස්ථාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 9 සෙනසුරාදා - 16:48 GMT

ඇමෙරිකාවේ ඊසාන දිග පළාත් හරහා හමා යන දරුණු හිම කුණාටුව හේතුවෙන් එම කලාපයේ මීටරයක් පමණ උසට හිම වැටී තිබේ.

ඝන හිම වැස්ම නිසා ගමනාගමනයට බාදා පැමිණ ඇති අතර නිවාස ලක්ෂ පහකට පමණ විදුලිබලය නැති බවටයි වාර්තා වන්නේ.

අධික සුළග සහ හිමපතනය නිසා බොස්ටන් නගරය ජනශුන්‍ය වී ඇති අතර බොස්ටන් ජනපදයේ න්‍යෂ්ඨික බලාගාරයක් වසා දැමීමටද සිදුවී තිබේ.

මෙවැනි දැඩි සුළඟකට තමන් මීට පෙර මුහුණ දී නොතිබුන බව බොස්ටන් වාසීහු පවසති.

එම ජනපදයේ මහාමාර්ග වල වාහන ධාවනයද තහනම් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

නිව්යෝර්ක් ඇතුළු ඇමෙරිකාවේ ජනපද පහක් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර තිබෙන අතර කලාපයේ ජීවත් වන ජනතාවට නිවාස තුලට වී සිටින ලෙසටයි උපදෙස් දී තිබෙන්නේ.

සියලු ගුවන් ගමන් අවලංගු කර ඇති අතර දුම්රිය සේවාද අත්හිටුවා තිබේ.

පසුගිය සිකුරාදා පටන් ගත් මෙම හිම කුණාටුව දශක ගණනාවකට පසු නිව් ඉංග්ලන්ඩ් කලාපය හරහා හමායන දරුණුතම හිම කුණාටුව බව කාලගුණ විද්‍යාඥයෝ පවසති

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.