පෙම්වතිය මරා දැමීමේ චෝදනා මත 'බ්ලේඩ් රනර්' අධිකරණයේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 15 සිකුරාදා - 14:34 GMT
Oscar Pistorious (R) with Reeva Steenkamp

වෙඩි තැබීම කලින් සිතා මතා සැලසුම් කරන ලද්දක් හැටියට තර්ක කරන බව අධිකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ

සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබන, පැරා ඔලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් දකුණු අප්‍රිකාවේ උසාවියකට ඉදිරිපත් කෙරිණ.

පෙබරවාරි 14 වෙනිදා,පෙම්වතුන්ගේ දිනයෙහි, ආබාධිත ක්‍රීඩකයා විසින් සිදු කරන ලද වෙඩි තැබීමකිනුයි, ඔහුගේ පෙම්වතිය මරණයට පත් වුනේ.

ක්‍රීඩකයාගේ නිවසේදී සිදු කළ වෙඩි තැබීම කලින් සිතා මතා සැලසුම් කරන ලද්දක් හැටියට තර්ක කරන බව අධිකරණ නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව, චුදිත ආබාධිත ක්‍රීඩකයා මහජනයාගෙන් පිරී තිබුන උසාවියේදී හඬා වැටුන බවයි දකුණු අප්‍රිකාවෙන් ලද වාර්තාවන්හි දැක්වෙන්නේ.

එහෙත් ඔහුගේ නීතිවේදීන්ගේ අදහස වන්නේ, වෙඩි තැබීම හදිසි අනතුරක් ලෙස පෙන්වා දීම.

චුදිත ක්‍රීඩකයා ඇප ඉල්ලමින් ඉදිරිපත් වුන අයදුම්පත ලබන අඟහරුවාදාට කල් තැබුන අතර,ඔහු පොලිස් භාරයට පත් කෙරිණ.

දෙපා අහිමි ඔස්කාර් පිස්ටෝරියස් ධාවන තරඟ වලට සහභාගී වෙන්නේ කෘත්‍රිම පාද දෙකකින්.

ඔලිම්පික් සම්මානලාභී ක්‍රීඩකයකු වන ඔස්කාර් පිස්ටෝරියස් ක්‍රීඩා ලෝකයේ හඳුන්වනු ලබන්නේ,"බ්ලේඩ් රනර් " යනුවෙන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.