මනා ප්‍රතිකාර නැතිව දුප්පත් රටවල පිළිකා රෝගයෙන් ළමුන් මියයාමේ අනතුරක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 20 බදාදා - 13:04 GMT

දුප්පත් රටවල පිළිකා රෝගයෙන් පීඩා විඳින ළමුන්, මනා ප්‍රතිකාර නැතිව මිය යාමේ තත්වයක් ඇති බවට ලොව පුරා සංවිධාන කීපයක මුල් පෙළේ විශේෂඥයෝ අනතුරු අඟවති.

පිළිකා රෝගයෙන් මරණයට පත් වෙන බාල වයස්කරුවන් සෑම දහදෙනකුගෙන් නවදෙනකුට අධික අනුපාතයක් දුප්පත් රටවල රෝගීන් වන බවයි, ලාන්සට් (Lancet ) වෛද්‍ය සඟරාව පිලිකා රෝගීන් සම්බන්ධයෙන් කරන විමසුමක සඳහන් වන්නේ.

එම ළමුන්ගෙන් වැඩිදෙනා අවශ්‍ය ප්‍රතිකාර නොලැබ මියැදෙන බවත් වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ඒ අතරම, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ, ඖෂධ මෙන්ම කාර්ය මණ්ඩලවලට පුහුණු වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන ලෙසත් විශේෂඥයන් විසින් ඉල්ලීමක් කොට තිබේ.

පොහොසත් රටවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන එම විශේෂඥයෝ එවැනි රටවල පිළිකා රෝගයෙන් සුවය ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින බවත් පෙන්වා දෙති.

පොහොසත් රටවල්, දුප්පත් රටවල ඇති තත්වය කෙරෙහි අවධානය යොමු කළ කළ යුතුව ඇතැයි පවසන විශේෂඥයෝ , පවතින පහසුකම්වල බෙදා හදා ගැනීමක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.