ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කයිරෝ සංචාරයක

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 2 සෙනසුරාදා - 17:01 GMT

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, නිලයට පත් වීමෙන් පසු පළමු වතාවට කයිරෝ නගරයට පැමිණ සිටී.

ඊජිප්තුවේ පවතින දේශපාලන ඇනහිටීම සහ , මාස කීපයක් පෙරට යමින් පවතින විරෝධතා ව්‍යාපාර නිරාකරණය කර ගැනීමේ එකඟතාවයකට පැමිණෙන මෙන් , ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටීම රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ අරමුණයි.

පිරිහෙමින් ඇති ඊජිප්තු ආර්ථිකය සඳහා ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම සහතික කර ගැනීමට නම් , එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීම අවශ්‍ය බව, ජනාධිපති මොහමඩ් මුර්ෂිට සහ ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට දැනුම් දීමට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී බලාපොරොත්තු වෙයි .

එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මුණ නොගැසෙන බව, ඊජිප්තු විපක්ෂයේ ඇතැම් නායකයන් දැනටමත් ප්‍රකාශ කර ඇත.

ලබන මාසයේ ආරම්භ වීමට නියමිත මහමැතිවරණය වර්ජනය කිරීමට, ඊජිප්තු විපක්ෂය ගෙන ඇති තීරණය ගැටුම්කාරී තත්වයකට හේතු වී ඇති අතර, එම තීන්දුව සම්බන්ධයෙන් යළි සළකා බලන මෙන් වොෂින්ටන් පාලනය විසින් කරනු ලබන ඉල්ලීම විපක්ෂයේ කෝපයට හේතු වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.