සන්නද්ධ පිලිපීන ජාතිකයන්ට මැලේසියානු රජයෙන් අනතුරු ඇඟවීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 2 සෙනසුරාදා - 17:20 GMT

මැලේසියානු රජය මැලේසියානු බොර්නියෝවේ වෙරළාසන්න භූමියක්‌ අල්ලා ගෙන සිටින සන්නද්ධ පිලිපීන ජාතිකයන්ට වහාම යටත් වෙන මෙන් ඉල්ලා සිටී.

මැලේසියාවේ අගමැති, නජීබ් රසාක් (Najib Razak) අදහස් දක්වමින්, සිකුරාදා ඇතිවූ ගැටුම්වලින් පසු, සාකච්ඡාවලට තිබු ඉඩකඩ මේ වන විට අවසන්ව ඇති බවයි කියා සිටියේ.

ඊයේ සිකුරාදා දෙපාර්ශවය අතර වෙඩි තබා ගැනීමේදී, මැලේසියානු කොමාන්ඩෝ භටයෝ දෙදෙනක් සහ, මැලේසියානු බොර්නියෝවට බලහත්කාරයෙන් ඇතුල්ව සිටි පිලිපීන ජාතිකයෝ දොළොස්දෙනක් මිය ගියහ.

පිලිපීන ජාතිකයන් සීයකටත් අධික කණ්ඩායමක්, මේ මාසය මුලදී, මැලේසියාවේ "සබාහ්" (Sabah) ප්‍රාන්තයට ඇතුල්ව සිටින බවට වාර්තා වේ.

ඔවුන්, බෝර්නියෝවේ කොටසක් කලින් පාලනය කළ "සුලු" (sulu ) සුල්තාන් මුස්ලිම් රජ කුලයේ ආධාරකරුවන් බවයි පැවසෙන්නේ.

මැලේසියානු බොර්නියෝවෙන් ඉවත් වෙනමෙන් , පිලිපීන ජනාධිපති බෙනිනෝ අකිනෝත් එහි ඇතුල්ව සිටින පිලිපීන ජාතිකයන්ගෙන් ඉල්ලා ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.