ඉන්දීය අගනුවර තවත් සමූහ දූෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 7 බ්‍රහස්පතින්දා - 13:21 GMT

ඉකුත් දෙසැම්බර් මාසයේදී දිල්ලි නුවරදී තරුණ සිසුවියක සමුහ දුෂණයකට ලක්වී මිය යාමත් සමග රට පුරා විරෝධතා හට ගති.

දහ නව වියැති තරුණියක කල්ලි ගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලීසිය දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ බලවත්සේ විරෝධය පළ වූ ස්ත්‍රී දූෂණ ගණනාවක අලුත්ම සිද්ධිය මෙයයි.

වාර්තාවන ආකාරයට එම තරුණිය සමග ඉකුත් සඳුදා රාත්‍රී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකු විසිනුයි ඇය දූෂණය කොට තිබෙන්නේ.

අනතුරුව තරුණිය රියෙන් ඇද දමා ඇති බවට වාර්තා වෙයි.

ඉකුත් දෙසැම්බර් මාසයේදී දිල්ලි නුවරදී තරුණ සිසුවියක සමූහ දූෂණයකට ලක්වී මිය යාමත් සමග රට පුරා විරෝධතා හට ගත් අතර ඉන්දියාවේ කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව විශාල විවාදයක් පැන නැගුනි.

කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර මර්දනය කිරීම පිණිස ගත යුතු දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැන දැන් ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටී.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.