ඇෆ්ඝනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් - දහඅට දෙනෙක් මිය යති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 9 සෙනසුරාදා - 14:54 GMT

ඇෆ්ඝනිස්තානයේ එල්ල කෙරුන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් අඩුතරමින් දහඅට දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

කාබුල් අගනුවර ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට එල්ල කෙරුන පළමු ප්‍රහාරය වන මෙය ,මේ දිනවල ඇෆ්ඝන් සංචාරයක නිරතවෙමින් සිටින ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාට දෙන පණිවුඩයක් හැටියට සිදුකළ බවයි, තාලිබාන් ව්‍යාපාරය ප්‍රකාශ කළේ.

එහෙත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් (Chuck Hagel) ,ප්‍රහාරය එල්ල වෙද්දී එම කාර්යාලය අසළ කිසිදු තැනක නොසිටි බවයි, නේටෝව කියා සිටියේ.

එම ප්‍රහාරයේදී සාමාන්‍ය වැසියන් නව දෙනකුවත් මරණයට පත් වූ අතර,තවත් බොහෝ දෙනක් තුවාළ ලැබුහ.

මේ අතරවාරයේ ,පාකිස්තාන් දේශ සීමාවේ පිහිටි කෝස්ට් ( Khost ප්‍රාන්තයේ ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇෆ්ඝන් - නේටෝ ඒකාබද්ධ මුර සංචාරක හමුදා කාණ්ඩයකට එල්ල කෙරුන එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී ළමුන් අට දෙනක් සහ පොලිස් භටයෙක් මිය ගියහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.