ශිෂ්‍යාව දූෂණය කිරීමේ සැකකරුවෙක් 'සිය දිවි නසාගෙන'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 11 සඳුදා - 12:15 GMT
Suspects of india gang rape

දූෂණය කොට මරා දැමුණ විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව ගමන් ගනිමින් සිටි බස් රථය පදවා ඇත්තේ රාම් සිං විසින්

දිල්ලි අගනුවර බස් රථයකදී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එක් සැක කරුවෙක් බන්ධනාගාරය තුළදී සියදිවි හානිකර ගෙන ඇතැයි ඉන්දීය පොලිසිය පවසයි.

එහෙත් ඔහු යහපත් මානසික සෞඛ්‍යයකින් පසු වුන අතර ඔහුට සියදිවි හානිකර ගැනීමට හේතුවක් නොතිබූ බවයි, රාම් සිං නම් එම සැකකරුගේ නීතිවේදියා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ.

දූෂණය කොට මරා දැමුණ විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව ගමන් ගනිමින් සිටි බස් රථය පදවා ඇත්තේ රාම් සිං විසින්.

පසුගිය දෙසැම්බර් මාසයේ සිදු කෙරුන එම අපරාධය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් මහජන හෙළා දැකීමට ලක්විය.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමැති සුෂි කුමාර් ෂින්දේ ප්‍රකාශයක් කරමින්, සිරගෙවල් තුළ පවතින දරුණු අනාරක්ෂිතභාවය පෙන්නුම් කෙරෙන්නක් හැටියට රාම් සිංගේ මරණය විග්‍රහ කළේය.

රාම් සිං ඔහුත් ඇතුළුව සැකකරුවන් තුන් දෙනකු රඳවා සිටි සිරමැදිරිය තුළ ඇඳ ඇතිරිල්ලක් යොදාගෙන එල්ලී සියදිවි හානිකර ගෙන ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.