ඉරානයට එරෙහි සම්බාධක දැඩි කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 11 සඳුදා - 18:22 GMT

මානව හිමිකම් බරපතළ මට්ටමින් උල්ලංඝනය කරන බවට ඉරානයට චෝදනා කරන යුරෝපා හවුලේ විදේශ ඇමතිවරු, එරටට එරෙහි සම්බාධක තවත් දැඩි කිරීමට තීරණය කළහ.

බ්‍රසල්ස් නගරයේ රැස්වූ යුරෝපා හවුලේ ඇමතිවරු සංචාරයේ නිරතවීම් සහ වත්කම් සම්බන්ධයෙන් තහංචි පැනවෙන ඉරාන ජාතිකයන්ගේ ලැයිස්තුවට තවත් නම් නවයක් එකතු කළ බවයි, වාර්තා වන්නේ.

එම නව දෙනාගේ නම් ලැයිස්තුව අඟහරුවාදා නිවේදනය කරනු ලැබීමට නියමිතයි.

ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතියට එරෙහි සම්බාධකවලට අමතරවයි මේ ආකාරයේ සම්බාධක ක්‍රියාත්මක කෙරෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.