සෞදි අරාබියේ තවත් හත් දෙනකුට මරණ දඬුවම

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 13 බදාදා - 14:30 GMT

සෞදි ආරක්ෂක භටයෙක්

සෞදි අරාබි පාලනය, ආයුධ සන්නද්ධව මංකොල්ලකෑමේ චෝදනාවට වරදකරුවන් යයි තීන්දු කෙරුන හත් දෙනකුට එරෙහි මරණ දඩුවම ක්‍රියාත්මක කොට ඇත.

එම කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය පළ වූ බවත් වාර්තා වෙයි.

සෞදි අරාබියේ බොහෝවිට සිදුකෙරෙන මට්ටමින් ගෙල සිඳ මරා දමනු වෙනුවට, ඉහත කී කණ්ඩායම දකුණු දිග "අබ්හා" (Abha) නගරයේදී වෙඩි තබා මරණයට පත් කොට ඇති බවයි , ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ඇඟවීම් කොට තිබුනේ.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ , චූදිතයන් වයස අවුරුදු දහ අටට අඩු වයසේ පසු වෙද්දී සිදුකරන ලද අපරාධයක් සඳහා ඔවුන් වරද කරුවන් කර ඇති බවයි.

පසුගිය වසර ඇතුළත සෞදි අරාබිය හැත්තෑ දෙනකුට පමණ මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇතැයි "හියුමන් රයිට්ස් වොච්" (Human Rights Watch) මානව හිමිකම් සංවිධානය පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.