ඉන්දියාවේ ඉතාලි තානාපතිට මුක්තියක් නෑ - අධිකරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 18 සඳුදා - 12:42 GMT
Italian ambassador in India

තම රට මුලින් සිටි ස්ථාවරය මේ වන විට වෙනස් කොට ඇති බවයි තානාපති ඩැනියෙල් මැන්සිනි පවසන්නේ

දිල්ලි නගරයේ සිටින ඉතාලි තානාපතිවරයාට වගකීමෙන් මිදී කටයුතු කිරීමේ නිදහසක් නැතැයි ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය.

ඉන්දීය ධීවරයන් දෙදෙනකු මරා දමන ලද බවට චෝදනා ලබන ඉතාලි මැරීන් භටයන් දෙදෙනෙක් ඉන්දියාවට භාර දෙනු ලැබීම ඉතාලිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මුල්කර ගත් ආරාවුලට අදාළ විභාගයකදීයි, එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සිනි (Daniele Mancini) ඉන්දියාවෙන් පිටවීම වළක්වමින් දිල්ලි ශ්‍රේෂ්ටාධිකරණය මින් පෙර තීන්දුවක් දී තිබුන අතර එම තීන්දුව යලිත් දීර්ඝ කෙරිණ.

පසුගියදා පැවැත්වුන ඉතාලි මහමැතිවරනයයේ දී ඔවුන්ට ඡන්දය පාවිච්චි කිරීමට මග සලසමින් මැරීන් භටයන් දෙදෙනා මුදා හැරීමේ සාකච්ඡා සිදුකර තිබුනේ තානාපති ඩැනියෙල් මැන්සිනිගේ මැදිහත්වීමෙන්.

පොරොන්දු වූ පරිදි සැකකාර භටයන් දෙදෙනා ආපසු ඉන්දියාවට පැමිණිය යුතුව ඇතැයි සඳහන් කරන දිල්ලි අධිකරණය, එය ඉටු නොවීම මගින් තානාපතිවරයා සිය මුක්තිය අත්හැර දමනු ලැබ ඇති බව ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සිනි පවසන්නේ තමාගේ වගකීම රටේ ස්ථාවරය නියෝජනය කිරීම වන අතර තම රට මුලින් සිටි ස්ථාවරය මේ වන විට වෙනස් කොට ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.