ජනාධිපති ඔබාමා ඊශ්‍රායලයේ 'ඓතිහාසික සංචාරයක'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 20 බදාදා - 15:59 GMT
President Obama in Israel

ඇමෙරිකානු නායකයා පිළිගනිමින් කතා කළ අගමැති නෙතනියාහු, ඔබාමාගේ සංචාරය ඓතිහාසික එකකැයි සඳහන් කළේය

ඊශ්‍රායලයේ සංචාරයක් ආරම්භ කළ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ටෙල් අවීව් නගරයට ලඟා වී සිටියි.

ටෙල් අවීව් හිදී එක්සත් ජනපද නායකයා පිළිගන්නා ලද්දේ ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරේස් සහ අගමැති බෙන්යමින් නෙතනියාහු විසින්.

ඇමෙරිකානු නායකයා පිළිගනිමින් කතා කළ අගමැති නෙතනියාහු, ඔබාමාගේ සංචාරය ඓතිහාසික එකකැයි සඳහන් කළේය.

බරාක් ඔබාමාගේ ඊශ්‍රායල් සංචාරයේදී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය, සිරියානු යුද්ධය සහ ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය දෙසට අවධානය යොමුවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

එහෙත් තත්ත්වය සමනය කෙරෙන මහා නව සාම සැලැස්මක් දැනට නොමැති බවයි ජනාධිපති ඔබාමා කියා තිබෙන්නේ.

ටෙල් අවීව් නගරයේදී ඊශ්‍රායල් නායකයන් විසින් පිළිගනු ලැබීමේදී අදහස් දැක්වූ ජනාධිපති ඔබාමා, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින්නේ නොබිඳිය හැකි සම්බන්ධතාවයක් බව කියා සිටියේය.

යුදෙව් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සතු අචල කැපවීම ජනාධිපවරයා යලි සපථ කළේය.

එම පණිවුඩය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කෙරුන වැඩසටහනේ පළමු පියවර හැටියට ජනාධිපති ඔබාමා ජංගම ගුවන් ආරක්ෂණ වැඩපිළිවෙලක් අධීක්ෂණය කළේය.

ගාසා තීරයෙන් නගරවලට එල්ල කෙරෙන රොකට් ප්‍රහාර වලක්වා ලීමේ එම ආරක්ෂණ ව්‍යාපෘතිය ඉදිකිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ රට ඇමෙරිකාවයි.

මෙම සංචාරයේදී බටහිර ඉවුරට යන ඇමෙරිකානු ජනාධිපතිවරයා පලස්තීන නායකයන් මුණ ගැසීමටද නියමිතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.