සයිප්‍රසයේ බැංකු පද්ධතිය බේරා ගැනීමට එකඟතාවයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 25 සඳුදා - 16:36 GMT
Shop owners in Cyprus

සිය ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීමේදී ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙන බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සංදේශයට පැවසූහ

බැංකු පද්ධතිය බේරා ගැනීමටත් යුරෝ මූල්‍ය කලාපයේ රැඳී සිටීමටත් ඉඩ ලැබෙන අන්දමේ එකඟතාවයක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ඇති කරගැනීමට අවසාන මොහොතේ සයිප්‍රසයට හැකියාව ලැබිණ.

සයිප්‍රසයේ ආර්ථිකය ගොඩගැනීම සඳහා යුරෝ බිලියන දහයක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ලබාගැනීමට එකඟ වී ඇති අතර බිලියන හයක මුදලක් රට තුලින් සොයාගැනීමට සයිප්‍රසයට සිදු වී තිබේ.

මේ එකඟතාවය හේතුවෙන් යුරෝ ලක්ෂයකට වඩා වැඩි මූල්‍ය තැන්පතු සහිත පුද්ගලයන්ට විශාල පාඩු විඳීමට සිදුවන අතර එවැනි තැන්පතු හිමි බහුතරය රුසියානු ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයෝ

සයිප්‍රසයේ දෙවන විශාලතම බැංකුව වන ලයිකි බැංකුව වසා දැමීමටද නියමිතයි.

මේ අතර සයිප්‍රසය ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ අරමුණින් රුසියාව විසින් මීට වසර දෙකකට පෙර දෙනු ලැබූ ඩොලර් කොටි විසිපහක ණය මුදල ප්‍රතිව්‍යුහගත කරන ලෙසද රුසියානු නායක ව්ලදිමීර් පුතින් නියෝග කොට තිබේ.

නව යෝජනාවන්ට අනුව සයිප්‍රසයේ ප්‍රධාන අදායම් මර්ගයක්ව පැවති අනේවාසික බැංකු සේවා වසා දැමෙන නිසා රටේ ආර්ථික වර්ධනය පහළ වැටෙන බව පෙන්වා දෙන ව්‍යාපාර කටයුතු පිලිබඳ බීබීසී වාර්තාකරු ඉදිරියේදී සයිප්‍රසයේ ජනතාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවයි.

ශ්‍රී ලාංකිකයන් ද 25,000 කට ආසන්න පිරිසක් සයිප්‍රසයේ වාසය කරන අතර, බැංකුවලින් මුදල් ගැනීමේදී සහ සිය ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීමේදී ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙන බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සංදේශයට පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.