උතුරු කොරියාව සමඟ සාකච්ඡා කරන්නේ නෑ - ඇමෙරිකාව

කිම් ඉල් සුන් ජන්ම දින සංවත්සරය සමඟ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කෙරෙනු ඇතැයි අනුමාන පළවෙමින් පවතී
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පියෝන්ග් යෑන් පාලනයත් සමඟ යළි කිසිදු ආකාරයක ව්‍යාජ සාකච්ඡා වටයකට යාමේ සූදානමක් එක්සත් ජනපදයට නැතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
ඊට පළමුව උතුරු කොරියාව සැබෑ පියවරක් ගත යුතුව ඇති බවයි, රාජ්‍ය ලේකම්වරයා කියා සිටින්නේ.
බීබීසීය සමඟ අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියාවේ කිට්ටුම මිතුරු රට වන චීනය, පියෝන්ග් යෑන්ග් පාලනයේ වත්මන් හැසිරීම දැඩිව හෙළා දකිමින් ප්‍රකාශයක් කරන ලද බව කියා සිටියේය.
ඇමරිකාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරුනේ උතුරු කොරියාව එහි නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ජන්ම දිනය සමරමින් සිටියදී.
කිම් ඉල් සුන් ජන්ම දින සංවත්සරය සමඟ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කෙරෙනු ඇතැයි මේ අතර අනුමාන පළවෙමින් පවතී.