ජනාධිපති පර්වේස් මුෂාරෆ් නිවසේ සිට ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයට

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් (Pervez Musharraf) ඔහුගේ නිවසේ සිට ඉස්ලාමාබාද් (Islamabad) නුවර පොලිස් මූලස්ථානය බලා මාරු කර යවා තිබේ.

වසර හයකට පෙරදී , විනිශ්චයකාරවරුන් හය දෙනකු නීති විරෝධී ලෙස රඳවා තබා සිටීමට එරෙහිව පවරා තිබූ නඩු විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව ඔහු කලින් නිවාස අත් අඩංගුවේ රඳවා තබන ලදී. .

තමන්ට එරෙහිව එල්ල කොට ඇති චෝදනා දේශපාලන අරමුණු මත පදනම් වී ඇති බවයි හිටපු හමුදා පාලක මුෂාරෆ් Musharraf ප්‍රකාශ කළේ.

මේ අතර, 2007 වසරේදී රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රාජද්‍රෝහී චෝදනා යටතේ ජනාධිපති Musharraf ට එරෙහිව නඩු පැවරිය යුතු බවට යෝජනාවක්, පාකිස්තානු සෙනෙට් මණ්ඩල සභිකයන් විසින් සම්මත කර ගෙන තිබේ.