බුරුමයට එරෙහි සම්භාධක ඉවත් කර ගැනීමේ තැතක්

Image caption මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වර්ගවාදී සංහාර සිදුකිරීම පිලිබඳ චෝදනා

බුරුමයට එරෙහිව පණවා ඇති ජාත්‍යන්තර සම්භාධක වලින් වැඩි කොටසක් ඉවත් කර ගැනීමට කාලය එළැඹ ඇති බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය විලියම් හේග් ප්‍රකාශ කර සිටියා.

බුරුමයට එරෙහිව යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන සම්බාධක වලින් බහුතරයක් ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන රැස්වීමකට සහභාගිවීමට සුදානම් වෙමින් සිටියදීයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ.

වර්ගවාදී සංහාර

යුරෝපා සංගමයට අයත් ඇමතිවරුන් ආයුධ වෙළෙඳාම හැර බුරුමයට එරෙහි අනෙකුත් සියලු සම්බාධක ඉවත් කිරීමට එකඟ වනු ඇති බවට වාර්තා පළවී ඇත. හියුමන් රයිට් වොච් සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන පවසන්නේ බුරුමයට එරෙහි සම්භාධක ඉවත් කිරීමට ප්‍රමාණවත් අන්දමේ වෙනස්කම් තවමත් සිදුව නැති බවයි.රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඝාතනය කරමින් මානව වර්ගයාට

එරෙහි අපරාධ සහ වර්ගවාදී සංහාර සිදුකිරීම පිලිබඳ චෝදනා බුරුමයට එරෙහිව එල්ලවී ඇති අතර, දරුණු අපරාධ සිදු කිරීම සඳහා ආරක්ෂක හමුදා සහාය ලැබී ඇති බවට පිළිගතහැකි සාක්ෂි ලැබී ඇති බවද මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර සිටී.