චීනයේ Xinjiang කලාපයේ ප්‍රචණ්ඩ ගැටුම් වලින් විසි එක් දෙනෙක් මිය යති

චීනයේ නොසන්සුන්කාරී , Xinjiang කලාපයේ හටගත් ප්‍රචණ්ඩ ගැටුම් වලින් විසි එක් දෙනකු මිය ගොස් ඇති බව චීන රජය ප්‍රකාශ කරයි.

පිහිවලින් සන්නද්ධ කන්ඩායමක් පෞද්ගලික නිවසක් අල්ලා ගෙන පසුව ඊට ගිනි තබා ඇති බව සොයා ගත් නිලධාරීන් පිරිසකට ඔවුන් විසින් පහරදුන් බව පළාත් බද නිලධාරිනියක් ප්‍රකාශ කළේය.

රටින් පිටුවහල්ව සිටින වීග ජනතා කොන්ග්‍රසය (the Uighur Peoples Congress) මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් කියා ඇත්තේ බලධාරීන් විසින් මෑතකදී කළ මෙහෙයුමකට ප්‍රතිචාර වශයෙන් එය සිදු කොට ඇති බවයි.

පළාතේ හෑන් චීන ජනතාව සහ වාර්ගික මුස්ලිම් වීග ජන කොටස් අතර මීට කළින් ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැණින.