ස්පාඤඤයේ රැකියා වියුක්තිය ඉහළට

spain

ස්පාඤඤයේ රැකියා වියුක්තිය සියයට විසි හත දක්වා වැඩිවී තිබේ.

මේ අනුව මිලියන හයකට අධික පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව හෙළිදරව් වී ඇත.

අවූරුදු පහකට පෙර ආරම්භ වූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ස්පාඤඤය උත්සාහ දැරුවත් එය ඉතා දුෂ්කර කටයුතක් වී ඇතැයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය විසින් ක්‍රියාත්මක කරන කප්පාදු වැඩපිළිවෙලට ජනතා විරෝධය පළවී ඇති අතර විපක්ෂ කණ්ඩායම් කියා සිට්න්නේ කප්පාදු වැඩපිළිවෙල හේතුවෙන් ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ඇති බවයි