ඉන්දීය අගමැති සිරකරුවාට පහරදීම හෙලා දකියි

මරණ දඬුවමට නියමව පාකිස්තානයේ සිරගත කොට සිටි ඉන්දීය ජාතිකයකුට පහරදීම ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් යැයි ඉන්දීය අගමැති මන්මෝහන් සින්ග් (Manmohan Singh) ප්‍රකාශ ප්‍රකාශ කරයි..

සිරකරුවන්ගේ පහර කෑමට ලක්වූ සරබ්ජිත් සින්ග් (Sarabjit Singh) නමැති එම සිරකරුවා හිසට එල්ලවූ බරපතල තුවාල හේතුවෙන් සිහි සුන් තත්වයකට පත්ව සිටී

ඔත්තු බැලීමේ චෝදනා යටතේ සහ පාකිස්තානයේ බෝම්බ හතරක් පුපුරා යාමේ සිද්ධියකට සම්බන්ධ බවට චොදනා කරමින් මීට වසර විස්සකට පෙරදී ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කෙරිණ.

නමුත් සරබ්ජිත් සින්ග් ගේ (Sarabjit Singh) පවුලේ සාමාජිකයන් සෑමවිටම කියා සිටියේ ඔහු නිර්දෝෂී බවයි.

මීට වසර හතරකට පෙර දී ඔහුට සමාව ලබා දෙන ලෙස ඉන්දීය අගමැතිවරයා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පාකිස්ථානය එකඟ විය.