මැලේසියාවේ මහා මැතිවරණයෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක්

Voters in Malaysia
Image caption අධිකාරීවාදයට, දුෂණයට සහ වර්ග පාදක ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නගමින් විපක්ෂය සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබිණ

මැලේසියාවේ මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, අඩ සියවසක් තිස්සේ බලයේ සිටි පාලක සභාග ආණ්ඩුවට මෙතෙක් මුහුණ දීමට සිදුවූ බලසම්පන්නම අභියෝගයට මෙවර මුහුණ දෙන බව විශ්ලේෂකයෝ පවසති.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහල අගයක් වාර්තාකර ඇති අතර තම ඡන්දය තුළින් යම් වෙනසක් කළ හැකි බව හැඟුණු පළමු අවස්ථාව මෙය බවයි සමහර විරුද්ධ පක්ෂ ආධාරකරුවන් කියා සිටියේ.

බහු වාර්ගික පදනමකින් සැදුම් ලත් විපක්ෂය, අධිකාරීවාදයට - දුෂණයට සහ වර්ග පාදක ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නගමින් සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබිණ.

විපක්ෂයට නායකත්වය ලබා දෙන්නේ වංචා දුෂණ සහ ලිංගික චෝදනා යටතේ හය වසරක් සිරබත් කෑ හිටපු නියෝජ්‍ය අගමැතිවරයකු වන අන්වර් ඉබ්‍රාහිම්.

මැතිවරණ අක්‍රමිකතා සිදුවූ බවට විපක්ෂය චෝදනා කරන නමුත් ප්‍රතිඵලයට අභියෝග කිරීමට කිසිදු හේතුවක් නැති අතර තම රජය යළි බලයට පත්වන බව තමාට හොඳටම විශ්වාස බව අගමැතිවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර