චීනයේ උපත් පාලන නීති කඩ කළ චිත්‍රපට අධ්‍යක්ෂ වරයකුට එරෙහි පරීක්ෂණ

චීන බලධාරීහු, දැඩි උපත් පාලන නීති කඩ කිරීමේ වරදට මුල් පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂ වරයකුට එරෙහිව පරීක්ෂණ අරඹති.

රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ zශැන්ග් යිමූ (Zhang Yimou) අම්මාවරුන් සිව් දෙනකු හා එක්ව දරුවන් සත් දෙනකුට පියා වූ බවයි.

බෙයිජිං ඔලිම්පික් සැණකෙළියේ උත්කර්ෂවත් සමාරම්භක උළෙලේ නිර්මාතෘවරයා වූයේ ඔහුයි.

චීන නීතිය අනුව යුවලක් එක් දරුවකුට වඩා බිහි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

කෙසේ වෙතත්, පළමු උපත දැරියක නම් තවත් දරුවකු බිහි කර ගැනීමේ අවසරය ගම්බද පවුල් වලට ලැබී තිබේ.

චිත්‍රපට අධ්‍යක්ෂ zශැන්ග් යිමූ (Zhang Yimou) ට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් ඩොලර් කෝටි දෙකකට වැඩි දඩයක් ඔහුට නියම කළ හැකියි.