පාකිස්තාන් මැතිවරණයේ දිරි ගන්වන සුළු ඡන්ද දායක සහභාගිත්වයක්

පාකිස්තාන් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම් අද සෙනසුරාදා සිදු කෙරිණ.

ඉතාම ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ලක් මැදයි, මේ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු පසුගිය දිනවල පෙරට යමින් තිබුනේ.

දිරි ගන්වන සුළු ඡන්ද දායක සහභාගිත්වයක් අද දක්නට ලැබූන බව කියා සිටින පාකිස්තාන් මැතිවරණ කොමිසම, දිගු ඡන්ද දායක පෝලිම්වලට අවස්ථාවක් දීම් වස් ඡන්දය විමසන කාල සීමාව තවත් පැයකින් දීර්ඝ කිරීමට පියවර ගත් බවත් නිවේදනය කළේය.

කරච්චි නගරයේ බෝම්බ ප්‍රහාරයක් ද ඇතුළු ප්‍රචණ්ඩ සිදුවීම් කීපයක් ද වාර්තා විය.

අවාමි ජාතික පක්ෂයේ කාර්යාලය ඉදිරිපිට එල්ල කෙරුණ කරච්චි බෝම්බ ප්‍රහාරයෙන් එකොලොස් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර,තවත් හතළිහකට පමණ තුවාළ සිදු වී තිබේ.