පලාගිය රෝහින්ගා මුස්ලිම්වරුන් රැගත් බෝට්ටුවක් පෙරලේ

Boat carrying Rohyngya Muslims
Image caption රෝහින්ගා මුස්ලිම්වරුන් රැගත් බෝට්ටු පෙළ අතුරින් එන්ජිමක් තිබුනේ එක් බෝට්ටුවකට පමණි

කුණාටුවකට හසුවෙතැයි බියෙන් පලා යමින් සිටි රෝහින්ගා මුස්ලිම්වරුන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් මුහුදේ දී විපතට පත් හතලිස් දෙනෙක් බේරා ගත් බව සහන සේවකයෝ පවසති.

කුණාටුවවට හසුවී තම කඳවුරු ජලයට යටවීමට පෙර ආණ්ඩුවේ සහනයක් නොලැබුන හෙයින් මේ පිරිස තමන් සිටි තැනින් ඉවත් වීමට උත්සාහ කරමින් සිටියහ.

රෝහින්ගා මුස්ලිම්වරුන් රැගත් බෝට්ටු පෙළ අතුරින් එන්ජිමක් තිබුනේ එක් බෝට්ටුවකට පමණි.

මේ වන විට මළ සිරුරු අටක් හොයා ගෙන ඇති අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ගිය අවුරුද්දේ බුරුමයේ ඇතිවූ වර්ගවාදී ගැටුම් වලින් එක් ලක්ෂ තිස් දහසක් පමණ දෙනා අවතැන් වී සිටිති.