සිරියාවේ කැරලිකාර නායකයෙක් 'හතුරකුගේ හදවත කාලා'

Syrian rebel leader
Image caption කැරලිකාර නායකයා හදවත සහ අක්මාව හපා කන ආකාරය දක්වන විඩීයෝවක් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබේ

සිරියානු කැරැලිකරුවන්ගේ අණ දෙන නිලධාරියෙක් ලෙස සැලකෙන පුද්ගලයෙක් ආණ්ඩුවේ හමුදාවේ මරා දමන ලද සොල්දාදුවකු ගේ හදවත සහ අක්මාව හපා කෑමේ සිදුවීම බොහෝ දෙනාගේ හෙලා දැකීමට ලක් වී තිබේ.

ඔහු හදවත සහ අක්මාව හපා කන ආකාරය දක්වන විඩීයෝවක් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

යුධ අපරාධ සිදු කරන කව්රුන් හෝ අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවට පමුණුවා ලිය යුතු බව ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

සිරියාවේ විපක්ෂ සන්ධානය කියා සිටින්නේ චුදිතයා පිළිබඳව නඩු විභාගයක් පවත්වන බවයි.

මෙම විඩීයෝ පටය සිරියාවේ විපක්ෂ සන්ධානයට අහිතකර බලපෑමක් සිදු කරන බව බීබීසී වාර්තාකරුවෝ පෙන්වා දෙති.

සිරියාවේ විපක්ෂ සන්ධානයට අවි ලබා දිය යුතුද, නැද්ද යන්න පිළිබඳව ඇමරිකාව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේදීයි මෙම විඩීයෝ පටය ප්‍රකාශයට පත්වී තිබෙන්නේ.