ඕස්ට්‍රේලියාව තම සරණාගත ප්‍රතිපත්තිය වෙනස් කරයි

ඕස්ට්‍රේලියාව තම සරණාගත ප්‍රතිපත්තිය වෙනස් කරයි.

නව පිළිවෙත අනුව මුහුදු මගින් එරටට ගොඩබසින ඕනෑම දේශපාලන රැකවරණ පතන්නකු ආගමන කටයුතු සඳහා නාවුරු හෝ පැපුවා නව ගිනි දුපත් වලට යැවිය හැක.

මෙතෙක් කල් එම ශාන්තිකර කලාපීය දුපත් වලට දින නියමයක් නොමැතිව පිටුවහල් කර යැවීමට රජයට හැකියාව ලැබුනේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් දුර බැහැර දුපත් වලට ගොඩ බසින පිරිස් පමණි.

ප්‍රධාන භූමියට ගොඩ බසින දේශපාලන රැකවරණ පතන්නන් හට මෙතෙක් සැලසුනු නීතිමය රැකවරණ අලුත් රෙගුලාසි අනුව අහෝසි වෙයි.

මතබේදයට තුඩු දෙන නව නීතිය පැමිණෙන්නන් වළක්වාලීමේ අරමුණින් ගෙන එන ලද්දක් බව වාර්තා කරුවන් කීවද, එය දේශපාලන රැකවල් සොයා එන්නන් ගේ නෛතික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් කරන අතර බෝට්ටු මගින් පැමිණෙන පිරිස් නවත්වා ලීමට සමත් නොවන බවයි විවේචකයන්ගේ තර්කය.

ඉන්දුනීසියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා එන්නන්ගේ අඩුවීමක් පෙනෙන්නට නැති අතර මුන්නේස්වරමේ සිට යාත්‍රා කරන්නට සැරසී සිටි ලාංකිකයන් හතලිස් එක දෙනකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.