ඉන්දු-චීන සම්බන්ධතාවල නව වර්ධනයක්

Indo_China talks
Image caption චීන අගමැති ලී ක චැන්ග් ගේ පළමු විදේශ සංචාරය ඉන්දියාවට

දෙරට අතර අන්‍යොන්‍ය විශ්වාසය ගොඩ නැගීම සඳහා කටයුතු කරන බවට ඉන්දියානු සහ චීන නායකයෝ ප්‍රතිඥාවක් දුන්හ.

දෙරටේ නායකයන් එම ස්ථාවරයකට එළැඹුණේ චීන අගමැති ලී ක චැන්ග් ගේ ඉන්දීය සංචාරයේදී.

ඉන්දු - චීන දේශ සීමාවේ සාමකාමී පැවැත්ම සහතික කිරීම සඳහා තමන් කැප වන බවටත්, දෙරටේ නායකයෝ එකඟව සිටිති.

දෙරට අතර එවැනි එකඟතාවයක් ඇතිවුනේ, චීන හමුදා විසින් දේශ සීමා ආක්‍රමණයක නිරතවනු ලැබීමෙන් මාසයකට පසුවයි.

පදවියට පත්වීමෙන් අනතුරුව චීන අගමැතිවරයා නිරත වෙන පළමු විදේශ සංචාරය මෙම ඉන්දීය චාරිකාවයි.

සිය සංචාරය අතරවාරයේ අදහස් දැක්වූ අගමැති, ලී ක චැන්ග් ආසියාවේ සිදුවෙමින් ඇති දැවැන්ත ආර්ථික සංවර්ධනය සඳහා, ඉන්දු - චීන සම්බන්ධතාවය අතිශයින් වැදගත් වන බවයි කියා සිටියේ.

ඉන්දීය අගමැති මන් මෝහන් සිං අදහස් දක්වමින්, දෙරට අතර ආර්ථික සහයෝගීතාවය නංවාලීමට රුකුල් දෙන බවයි, සඳහන් කළේ.

තවදුරටත් අදහස් දැක්වූ අගමැති මන් මෝහන් සිං, ලෝකයේ වැඩිම ජනගහනය සහිත රටවල් අතර වෙළෙඳ අසමතුලිතභාවය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කළේය .

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර