ඉරාන ජනාධිපති ආගමික නායකයන්ට අභියෝග කරයි

Image caption එස්ෆැන්දියෝර් රහීම් මෂෝයි

ලබන මාසයේ පැවැත්වීමට නියමිත ඉරාන් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඉදිරිපත් වූ තම දේශපාලන සගයා වන එස්ෆැන්දියෝර් රහීම් මෂෝයි (Esfandiar Rahim Mashaei) ඊට නුසුදුස්සකු කරනු ලැබීමට එරෙහිව අභියෝග කරන බව බලයේ සිටින ජනාධිපති මහමුද් අහ්මදිනේජාඩි කියා සිටියි.

එස්ෆැන්දියෝර් රහීම් මෂෝයි,මී ළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට සුදුස්සකු නොවන බව තීන්දු කරන ලද්දේ, ඉරානයේ උත්තරීතර පාලක මණ්ඩලය විසිනුයි.

තමා එම තීරණයට එරෙහිව රටේ ඉහළම නායකයා වන අයතුල්ලා කුමෙයිනි වෙත පෙත්සමක් යොමුකරන බවයි, ජනාධිපති අහ්මදිනේජාඩි කියා සිටින්නේ.

ඉස්ලාමීය පූජක පංති උවමනාව

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින බව ප්‍රකාශයට පත් කළ හිටපු ජනාධිපතිවරයකු වන අක්බාර් හෂෙමි රෆ්සන්ජානිගේ (Akbar Hashemi Rafsanjani) අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද , ඉරාන් උත්තරීතර පාලක මණ්ඩලය විසින් තහංචි පණවා ඇති බව වාර්තා වෙයි.

තම දේශපාලන සගයා වන එස්ෆැන්දියෝර් රහීම් මෂෝයි වෙනුවෙන් ජනාධිපති අහමදිනේජාඩි ඉදිරිපත් වෙතත්, ඔහුගේ පෙත්සම පල දරන හඩක් දක්නට නැති බවයි,ඉරානයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

ඉහත කී අපේක්ෂකයන් සම්බන්ධයෙන් තහංචි පැනවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ,ජූනි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු අභියෝගයකට හෝ තමන්ට නොගැළපෙන දෙයකට මුහුණ දීමට ඉරානය පාලනය කරන ඉස්ලාමීය පූජක පංතියට උවමනාවක් නොමැති බව යයි බීබීසී වාර්තාකාරු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.