බ්‍රිතානයේ මුස්ලිම් ජනතාව බියෙන්

බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනතාව බියට පත් වී ඇතැයි අන්තර් ආගමික සංවිධානයක් ප්‍රකාශ කරයි.

පසුගිය බදාදා ඉස්ලාමීය සටන්කාමීන් විසින් බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු ලන්ඩනයේ මහ මග මරා දැමීමෙන් පසු මෙම තත්වය උද්ගතවී ඇති බවයි ෆෙයිත් මැටෙර්ස් (Faith Matters) සංවිධානය පෙන්වා දෙන්නේ.

එම ඝාතනයෙන් පසු මුස්ලිම් විරෝධී ක්‍රියා කාරකම් විශාල ලෙස වැඩි වී ඇතැයි එම සංවිධාන කියා සිටියි.

ගතවූ දින දෙක ඇතුලත මුස්ලිම් පල්ලි වලට පහර දීම ඇතුළු මුස්ලිම් විරෝධී කටයුතු එකසිය හැටකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ෆෙයිත් මැටෙර්ස් සංවිධානය කියා සිටින්නේ.

ලී රිග්බි නමැති සොල්දාදුවා අමු අමුවේ ඝාතනය කිරීම බ්‍රිතාන්‍යයේ මුස්ලිම් නායකයන් විසින්ද තරයේ හෙළා දකින ලදී.