පාකිස්ථානයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙති

පාකිස්ථානයේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් තේරී පත් වූ නියෝජිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිව්රුම් දෙති.

පාකිස්ථාන ඉතිහාසයේ එක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකින් තවත් ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් ආණ්ඩුවකට බලය හුවමාරු වූ පළමු අවස්ථාව මෙයයි.

නව පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කරගෙන සිටින්නේ නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන මුස්ලිම් ලීගයයි.

එම පක්ෂය ලබන සතිය වන විට නව ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර නව අගමැතිවරයා ලෙස නවාස් ෂරීෆ් පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

බලශක්ති අර්බුදය, ඉස්ලාමීය සටන්කාමීන් මර්ධනය සහ විරැකියාව ඇතුළු දැවැන්ත අභියෝග රැසකට නව ආණ්ඩුවට මුහුණ දීමට සිදුව තිබේ.