නෙල්සන් මැන්ඩෙලා යළිත් රෝහලේ

mandela,hospital
Image caption දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් කියා සිටියේ,සායනික ආධාරයෙන් තොරව මැන්ඩෙලාට හුස්ම ගැනීමට හැකිවීම ශුභ ළකුණක් වන බවයි.

ස්වශන ආබාධයකට ගොදුරුව රෝහල්ගත කෙරුණ නෙල්සන් මැන්ඩෙලා බරපතළ තත්වයක සිටියත්,ඔහුගේ ජීවිතය පිලිබඳ අන්තරායක් නොමැති බව දකුනු අප්‍රිකාවේ වෛද්‍යවරු පවසති.

මේ වනවිට වයස අවුරුදු අනූ හතරක් වන දකුණු අප්‍රිකාවේ හිටපු නායකයා, ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රිටෝරියාහි රෝහලකට ඇතුළත් කෙරුණ බවයි වාර්තා කෙරුණේ.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් තොරතුරු සපයමින් කියා සිටියේ,සායනික ආධාරයෙන් තොරව මැන්ඩෙලාට හුස්ම ගැනීමට හැකිවීම ශුභ ළකුණක් වන බවයි.

වර්ණ භේදවාදී පාලනයට එරෙහිව දියත් කළ අරගලයට නායකත්වය දුන් මැන්ඩෙලා වසර විසිහතක කාලයක් සිරගත කර තබා සිටි අතර එම වකවානුවෙහි ඔහු ක්‍ෂය රෝගයට ගොදුරු විය.

දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර වර්ණ භේදවාදී පාලනය නිමකොට රට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයක් කරා ගෙන ඒමේ සටන මෙහෙයවූ නෙල්සන් මැන්ඩෙලා ජාතියේ පිතෘවරයා හැටියටයි, බුහුමන් ලබන්නේ.