සිරියාව මුල්කර ගත් ඇමෙරිකානු - රුසියානු ගැටුම උග්‍ර වෙයි

syria us russia
Image caption අසාද් පාලනය වෙනුවෙන් නිතරම පෙනී සිටින රුසියාව ප්‍රකාශයක් කරමින්,ඇමෙරිකා එක්සත් ජනපදය සතු සාක්‍ෂි විග්‍රහ කළේ පිළිගැනීමට අසීරු ඒවා හැටියටයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පළමු වතාවට සිරියානු කැරලි කරුවන්ට කෙලින්ම අවි ආයුධ සැපයීමට පියවර ගනිමින් සිටී.

සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් රසායනික අවි යොදා ගනිමින් කුඩා පරිමාණයේ ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති බවට පැහැදිලි තොරතුරු ලැබීමෙන් අනතුරුව එවැනි ක්‍රියා මාර්ගයක් තීන්දු කළ බවයි,ධවල මන්දිරය පවසන්නේ.

රසායනික අවි මගින් කැරලිකරුවන්ට පහර දෙනු ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති බරක් ඔබාමා සිරියානු පාලනයට අනතුරු ඇඟවීමක් කරනු ලැබයි තිබුනේ.

අසාද් පාලනය වෙනුවෙන් නිතරම පෙනී සිටින රුසියාව ප්‍රකාශයක් කරමින්,ඇමෙරිකා එක්සත් ජනපදය සතු සාක්‍ෂි විග්‍රහ කළේ පිළිගැනීමට අසීරු ඒවා හැටියටයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරීම නින්දිත දෙබිඩි එකකැයි රුසියාවේ විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.

සිරියාවේ බලවත්ම කැරලිකාර සංවිධානයේ ප්‍රධානියා වන සලීන් අයිද්‍රිස් BBC යට ප්‍රකාශයක් කරමින්,ඇමෙරිකාව විසින් ගනු ලැබූ තීන්දුව ඉතාම වැදගත් එකක් යයි ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක් වූ සිරියානු කැරලි නායකයා,ගුවන් යානා සහ යුද්ධ ටැංකි නාශක අවි ආයුධ ඉක්මනින් සපයන මෙන් ඉල්ලීම ද කළේය.