බෙන්ඝාෂි නගරයේ අවදානම් තත්වයක්

lybia,benghashi
Image caption ලිබියානු යුද හමුදාවේ වැඩබලන ප්‍රධානියා අදහස් දක්වමින්,ලේ වැගිරීමක තත්වයක් උද්ගතව ඇති බවට අනතුරු ඇඟවීමක් කර ඇත.

යුදහමුදා බුද්ධි අංශයේ සෙබළමුලක් සහ සන්නද්ධ තුවක්කු කරුවන් කණ්ඩායමක් අතර ගැටුමකදී ලිබියානු භටයන් හය දෙනෙක් මරා දමනු ලැබ ඇතැයි බෙන්ඝාෂි (Benghazi) නගරයෙන් වාර්තා වෙයි. සටන සිදුව ඇත්තේ බෙන්ඝාෂි නගරයේ විශේෂ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී.

ඊයේ රාත්‍රියේ පටන් එම ප්‍රදේශයෙන් බිහිසුණු වෙඩි සහ පිපිරීම් හඬ අසන්නට ලැබුන බව ලිබියාවෙන් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

පැහැර ගැනීමට ලක් වූ සොල්දාදුවන් දෙදෙනකු පසුව මරා දමන ලද බවක් පෙනී යන බවත් ලිබියානු වාර්තා මගින් පැවසෙයි.

බෙන්ඝාෂි නගරයේ බලය සඳහා ,ලිබියානු ආණ්ඩුවේ හමුදා සහ සන්නද්ධ කොටස් අතර දැඩි ගැටුමකුයි පවතින්නේ.ලිබියානු යුද හමුදාවේ වැඩබලන ප්‍රධානියා අදහස් දක්වමින්,ලේ වැගිරීමක තත්වයක් උද්ගතව ඇති බවට අනතුරු ඇඟවීමක් කර ඇත.

සන්නද්ධ කොටස්වලට එරෙහි විරෝධතාවාදීන් පසුගිය සතියේ ඉතා බලවත් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන 'ලිබියාවේ ආරක්ෂක පලිහ' (Shield of Libya) නම් සංවිධානය සමග ගැටීමේදී තිස් දෙනකුට අධික ජීවිත විනාශයක් වාර්තා කෙරුණි.