තායිලන්ත භික්ෂුන්ගේ සැප ජීවිතය ගැන විවේචන

Monks in Thailand
Image caption බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ

ඇතැම් භික්ෂුන් පිළිබඳව ලැබුණු පැමිණිලිවලින් අනතුරුව රටපුරා සිටින භික්ෂුන් වහන්සේගේ හැසිරීම පිලිබඳ පරීක්ෂණයක් පවත්වන බව තායිලන්තයේ බුදුදහම පිළිබඳ ජාතික කාර්යාලය පවසයි.

බෞද්ධ භික්ෂුන්වහන්සේ තුන් නමක් අව් කන්නාඩි පැළඳ නවීන මෝස්තරවලින් යුත් අත් බෑගයන් ගෙන පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අයුරු පෙන්වන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය වීමත් සමග භික්ෂුන් වහන්සේගේ සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳ නැගෙන විවේචනයන් උත්සන්න වී ඇති බවයි පැවසෙන්නේ.

අති සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කිරීමත් ආගමික වැඩසටහන් වලින් ලාභ ඉපයීමට යොමුවීමත් පිලිබඳව තායිලන්ත භික්ෂුන් වහන්සේට විවේචන එල්ල වී තිබේ.

තායිලන්තයේ බුදුදහම පිලිබඳ ජාතික කාර්යාලය පවසන ආකාරයට අල්පේච්ඡ තාවය පදනම් කරගත් බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ.