ඇෆ්ඝන් ජනපති මන්දිරය අසලට ප්‍රහාරයක්

Attack in Kabul
Image caption ආරක්ෂක භටයන් තිදෙනකු සහ කැරලිකරුවන් කිහිප දෙනකු ප්‍රහාරයේදී මිය ගොස් තිබේ

කාබුල් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය අසලට ඇෆ්ගනිස්ථානයේ කැරලිකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ.

ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ලැගුම් ගෙන සිටින හෝටලය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බවයි, ජනාධිපති මන්දිර ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සහ අත් බෝම්බ විදිනයන් යොදා ගනිමින් ප්‍රහාරය සිදුවෙද්දී කැරලිකරුවෝ වෙඩි තබන්නට පටන් ගත්හ.

ආරක්ෂක භටයන් තිදෙනකු සහ කැරලිකරුවන් කිහිප දෙනකු මිය ගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය භාර ගෙන තිබේ.

මෙම ප්‍රහාරය සිදුවුයේ තාලිබාන් කැරලිකරුවන් සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කරන ජේම්ස් ඩොබින්ස් කාබුල් නුවරට පැමිණ සිටියදී.