ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂ නායකත්වයෙන් අගමැතිනිය ඉවතට

පරාජිතයා සදහටම දේශපාලනයෙන් සමු ගත යුතු බවට අගමැතිනි ගිලාඩ් නිලවරණයට පෙර අභියෝග කර තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය,

පරාජිතයා සදහටම දේශපාලනයෙන් සමු ගත යුතු බවට අගමැතිනි ගිලාඩ් නිලවරණයට පෙර අභියෝග කර තිබුණි

ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂ නායකත්වයට වත්මන් අගමැතිනිය පරාජය කරමින් හිටපු පක්ෂ නායක කෙවින් රඩ් යළිත් තේරී පත් විය.

ඔහු එම පදවියට යළි පත් වුනේ වත්මන් ලේබර් පක්ෂ නායිකාව වන අගමැතිනි ජුලියා ගිලාඩ් විසින් කැඳවන ලද නිලවරණයකදී.

පක්ෂයේ නායකත්වය තීන්දු කෙරෙන ඡන්දවලින් පණස් හතක් කෙවින් රුඩ්ට හිමි වූ අතර අගමැතිනි ජුලියා ගිලාඩ්ට ලැබුනේ ඡන්ද හතළිස් පහක් පමණි.

මෙවර ලේබර් නායකත්ව පොරයෙන් ජය ගත් කෙවින් රඩ් මෙයින් අවුරුදු තුනකට පෙර පක්ෂ නායකත්වයෙන් විසි වුනේත් ජුලියා ගිලාඩ්ට පරාජය වීමෙන්.

නිලවරණයෙන් පරාජය වන අපේක්ෂකයා සදහටම දේශපාලනයෙන් සමු ගත යුතු බවට අගමැතිනි ගිලාඩ් නිලවරණයට පෙර අභියෝග කර තිබුණි.

ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂ නිලවරණය පැවැත්වුනේ, ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පාලක ලේබර් පක්ෂය පරාජය වෙන බවක් පෙන්නුම් කෙරෙන මහජන මත විමසුම් වලින් අනතුරුවයි.