බංග්ලාදේශ් මාධ්‍යවේදියා ඝාතනයේ වරදට නමදෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ගෞතම් දාස් මාධ්‍යවේදියා 2005 දී ඝාතනය කිරීමේ වරදට බංග්ලාදේශ් අධිකරණය නමදෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවයි.

IPS හෙවත් ජාත්‍යන්තර පුවත්පත් ආයතනය ප්‍රකාශ කරන්නේ ජනමාධ්‍යවේදියකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් දඬුවම් පමුණුවනු දුටු මුල්ම වතාව මෙය බවයි.

අපරාධ හා දුෂණ සම්බන්ධ වාර්තාකරණයට ප්‍රසිද්ධියක් ඉසිලු ගෞතම් දාස් මරා දැමුණු කාල වකවානුවේ ගවේෂණය කරමින් සිටියේ ප්‍රාදේශීය බලධාරීන් පිරිසක් පිළිබඳවයි.

දඬුවම් පැමිණවීම අගයමින් බංග්ලාදේශයේ ප්‍රධානම ජනමාධ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙවන් බොහෝ අපරාධ පිලිබඳ පරීක්ෂණ පවා නොපැවැත්වෙන බව.

ඉකුත් වසර විස්ස තුල මරා දැමුණු බංග්ලාදේශ් මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව අඩුම වශයෙන් පහළොවක්.

ජනමාධ්‍යවේදීන්ගේ මධ්‍යම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ මෙවන් බොහෝ අපරාධ පිලිබඳ පරීක්ෂණ පවා නොපැවැත්වෙන බව.

"අපිට අවශ්‍ය මේ අපරාධ ගැන නිවැරදි පරීක්ෂණ සහ කඩිනම් නඩු විභාග. යුක්තිය පමාවීම කියන්නේ යුක්තිය ඉටු නොවීම," එහි සභාපති ඉක්බාල් සුභන් චෞද්රි ප්‍රකාශ කළේය.