ඊජිප්තුවේ අන්තර් වාර පාලනයේ ජනාධිපති අග විනිසුරු ඇඩ්ලි මන්සුර් (Adly Mansour)

ඊජිප්තුවේ අන්තර් වාර පාලනයේ ජනාධිපතිවරයා ලෙස එරට ව්‍යවස්ථා කටයුතු අධිකරණයේ, අග විනිසුරු ඇඩ්ලි මන්සුර් (Adly Mansour) දිවුරුම් දී තිබේ.

සාධාරණ හා දුෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කරණ බවටයි පදවියේ දිවුරුම් දෙමින් ඔහු කියා සිටියේ.

එම අවස්ථාව සංකේතවත් කරමින් ඊජිප්තු ධජයේ වර්ණ වන රතු, සුදු සහ කළු දුම් පිට කරමින් යුද හමුදා ගුවන් යානා පියාසර කෙරිණ.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මුර්සි (Mohammed Morsi) යුද හමුදාව විසින් ඊයේ ධුරයෙන් පලවා හරිනු ලැබූ අතර ඔහුගේ ආධාරකරුවන් එය හඳුන්වා දුන්නේ කුමන්ත්‍රණයක් ලෙසින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර