මැන්ඩෙලා පවුලේ 'දේපළ අඬ දබර'

දේපළ බෙදා හදා ගැනීමට රණ්ඩු දබර කර ගන්නා බවට නෙල්සන් මැන්ඩෙලාගේ මුණුබුරා පවුලේ අනිකුත් සාමාජිකයන් ට චෝදනා නගා තිබේ.

මන්ද්ලා මැන්ඩෙලා එය හැඳින්වුයේ ‘ප්‍රසිද්ධියේ කුණු රෙදි සේදීමක්’ ලෙසින්.

මැන්ඩෙලා ගේ ගම්පලාත පිහිටි නැගෙනහිර කේප් ප්‍රදේශයේ වල දමා තිබුණු ඔහුගේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු පොලිසිය විසින් බදාදා ගොඩගනු ලැබිණි.

උසාවි නියෝගය

එය සිදුවුයේ සිරුරු ගොඩ ගෙන හිටපු දකුණු අප්‍රිකානු නායකයා හැදුනු වැඩුණු කුණු (Qunu) ගම්මානයේ නැවත භූමදාන කිරීමට පවුලේ සාමාජිකයන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. නෙල්සන් මැන්ඩෙලා බරපතල ලෙස රෝගාතුරව ප්‍රිටෝරියා රෝහලේ තවමත් සිටින්නේ ප්‍රතිකාර ලබමින්.