අප්‍රිකානු සංගමය ඊජිප්තු සාමාජිකත්වය අත්හිටවයි

egypt politics
Image caption බීබීසී මැදපෙරදිග වාර්තාකරු කියා සිටියේ සොල්දාදුවන් පළමුව අහසට වෙඩි තබා අනතුරුව මහජතාව දෙසට වෙඩි තැබූ බවයි.

ඊජිප්තු පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී මණ්ඩලය විසුරුවා ලීමට පියවර ගත් තාවකාලික ජනාධිපති අද්ලි මන්ෂූර් රහස් ඔත්තු අංශය නව ප්‍රධානියකු යටතට පත් කොට ඇත.

ඊජිප්තුවේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති මොහමඩ් මුර්ශිගේ ආධාර කරුවන් යුද හමුදා කඳවුරක් කරා පෙළපාලියෙන් යමින් සිටියදී හමුදා වෙඩි තැබීමෙන් තුන් දෙනකුවත් මරා දැමුන බවක් ද වාර්තා වෙයි.

බීබීසී මැදපෙරදිග වාර්තාකරු තොරතුරු ගෙනෙමින්,කියා සිටියේ සොල්දාදුවන් පළමුව අහසට වෙඩි තබා අනතුරුව මහජතාව දෙසට වෙඩි තැබූ බවයි.

ඊජිප්තු යුද හමුදා ප්‍රකාශකයෙක් යුද හමුදාව ජීව උන්ඩ පාවිචිචි කල බවට පලවෙන අදහස් ප්‍රතික්ෂේප කරයි.

මේ අතර බීබීසී වාර්තාකරු පවසන්නේ, විරෝධතාවාදීන් දෙසින්ද වෙඩි හඬ ඇසුන බවයි.

ඔවුන් බලයෙන් පහ කෙරුණ ජනාධිපති මුර්ෂි රඳවා ඇතැයි සැලකෙන ගොඩනැගිල්ල දෙසටයි,පෙළපාලියෙන් ගමන් කරමින් සිටියේ.

ජනාධිපති මොහමඩ් මුර්ෂි නෙරපාහරිනු ලැබීමෙන් අනතුරුව අප්‍රිකානු සංගමය ඊජිප්තු සාමාජිකත්වය අත්හිටවා ඇත.

ව්‍යවස්තානුකුල පාලන ක්‍රමයක් යලි ස්ථාපිත කරනු ලබන තෙක් ඊජිප්තුවට සංවිධානයේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව නොලැබෙන බවයි, අප්‍රිකානු සංගමය පවසන්නේ.