වතිකන් පූජකවරයාගේ බැංකු ගිණුම් අත්හිටුවයි

Image caption ඩොලර් දෙකෝටි හැට ලක්ෂයක් රටතුළට හොරෙන් ගෙන ඒමේ වැඩ පිළිවෙලකට හවුල් වීමේ සැකය මතයි, පූජකවරයා අත්අඩංගුවට ගනු ලැබුනේ.

කළු සල්ලි ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් සැක කෙරෙන ජ්‍යෙෂ්ට පුජකවරයාට අයත් බැංකු ගිණුම් අත්හිටුවීමට වතිකානය පියවර ගත් බව නිවේදනය කොට ඇත.

රෝමයේ බන්ධනාගාරයක රඳවා සිටින නුන්ෂිඕ ස්කරානෝ (Monsignor Nunzio Scarano) පූජකවරයාගෙන් දැන් ප්‍රශ්න කෙරෙමිනුයි පවතින්නේ.

ඩොලර් දෙකෝටි හැට ලක්ෂයක් රටතුළට හොරෙන් ගෙන ඒමේ වැඩ පිළිවෙලකට හවුල් වීමේ සැකය මතයි, පූජකවරයා අත්අඩංගුවට ගනු ලැබුනේ.

එය වතිකාන් බැංකුවේ සිදු වී ඇතැයි සැක කෙරෙන කළු සල්ලි ජාවාරම් රැසක් පිළිබඳව කෙරෙන පරීක්ෂණයක කොටසක් පමණයි.

එවැනි අපචාර සම්බන්ධයෙන් ඉතාලියේ සිදු කෙරෙන පරීක්ෂණ වලට සහයෝගය දෙන මෙන් පළමු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා වතිකාන් නිලධාරීන්ට නියෝග කර තිබුණි.