වසරක් ඇතුළත බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පනස් දෙනෙක් දිවි නසාගෙන

British soldiers in Afghanistan
Image caption ඇෆ්ගනිස්තාන යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් සිය දිවි හානි කර ගෙන තිබේ

ගතව ගිය වසර ඇතුළත බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පනස් දෙනකු සිය දිවි හානි කරගෙන ඇති බව බීබීසිය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මේ අනුව ඇෆ්ගනිස්තාන යුද්ධයේදී මිය ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සංඛ්‍යාවටත් වඩා වැඩි පිරිසක් ගතව ගිය වසරේදී සිය දිවි හානි කර ගෙන තිබේ.

පසුගිය වසර ඇතුළත ඇෆ්ගනිස්තාන යුද්ධයේදී මිය ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සංඛ්‍යාව හතළිහක් බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්තානයේ තාලිබාන් ව්‍යාපාරයට එරෙහි යුද්ධයට සම්බන්ධ වීමෙන් අනතුරුව පශ්චාත් යුද මානසික ආතතියෙන් පෙළෙන බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගණන පසුගිය තෙවසර තුළ දෙගුණයද ඉක්මවා ඇති බව බීබීසිය කළ සමීක්ෂණයේදී හෙළි විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර