හැරී පොටර් කතුවරිය අන්වර්ථ නාමයකින් නවකතාවක් ලියයි

JK Rowling

ලෝක ප්‍රකට හැරී පොටර් නවකතා මාලාවේ කතුවරිය වන ජේ කේ රෝලිං අන්වර්ථ නාමයකින් නවකතාවක් ලියා පළ කර ඇති බව හෙළිදරව් වී තිබේ.

"The Cuckoo's Calling" නම් වූ මෙම රහස් පරීක්ෂක නවකතාවේ කතු වරයා වශයෙන් රොබට් ගැල්බ්රේත් යන අන්වර්ථ නාමය යොදා තිතිබේ.

යම් ලේඛකයකුගේ ප්‍රථම නිර්මාණය මෙතරම් සාර්ථක වීම පිළිබඳව ඇතිවූ කුතුහලය ඔස්සේ ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත් පත ලේඛකයා සොයා යාමේ පරීක්ෂණ ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලය වූයේ, හැරී පොටර් නවකතා මාලාව ලියු ලෝක ප්‍රකට ජේ කේ රෝලිං කතුවරිය විසින්ම මෙම නවකතාව ද ලියා පළ කරණු ලැබ ඇති බව හෙළිදරවු වීමයි.

වෙනත් නමකින් පෙනී සිට පාඨකයාගේ සැබෑ ප්‍රතිචාර දැන ගන්නට ලැබීමෙන් නිර්ව්‍යාජ සතුටක් ලැබූ බව, පොතේ සැබෑ කතුවරිය සත්‍යය හෙළිවීමෙන් අනතුරුව ප්‍රකාශ කළාය.