රුසියානු විපක්ෂ ක්‍රියාධරයකු සිරගත කෙරේ

බරපතල මත භේදයකට තුඩු දෙන තීන්දුවකින් රුසියානු අධිකරණයක් විපක්ෂ ක්‍රියාධරයකු වන ඇලෙක්සේ නවල්නි (Alexei Navalny) හට මුල්‍ය වංචා චෝදනා නගා පස් අවුරුද්දකට සිරගත කොට තිබේ.

චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන නවල්නි ප්‍රකාශ කොට ඇත්තේ නඩු විභාගය දේශපාලන අරමුණින් පැවැත්වුණු එකක් බව.

අධිකරණය ඉදිරිපිට රැස් වූ විරෝධතා කරුවෝ ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූහ.

දුෂණයට එරෙහි උද්ඝෝෂණයක නිරත ව සිටි ඇලෙක්සේ නවල්නිට පෙර තවත් විරුද්ධ පාක්ෂිකයෝ කිහිප පෙළක්ම සිර ගත කරනු ලැබුහ.

ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් තීන්දුව හෙලා දැක ඇත.

ආණ්ඩු විරෝධීන් විසින් බහුජන උද්ඝෝෂණයක් කැඳවා තිබූ මොස්කව් චතුරස්‍රය පුරා පොලිස් භටයන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබිණ.