ඉන්දියාවේ සංචාරක කාන්තාවක් දුෂණය කළ හය දෙනකුට සිර දඬුවම්

සංචාරක කාන්තාවක් දුෂණය කළ හය දෙනකුගෙන් යුත් කණ්ඩායමකට ඉන්දීය උසාවියක් සිර දඬුවම් නියම කොට ඇත.

ස්විස්ටර්ලන්ත ජාතික සංචාරක කාන්තාව සමූහ දුෂනයට ලක් වුනේ පසුගිය මාර්තු මාසයේ.

තිස් නව හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ සැමියා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකරයක් ඔස්සේ බයිසිකල්වලින් ගමන් කරමින් සිටියදීයි ප්‍රහාරය එල්ල කෙරුනේ.

සැකකරුවන් හයදෙනාගෙන් හතර දෙනකු දූෂණ චෝදනාවලටද, දෙදෙනකු පහර දීම සහ මංකොල්ල කෑමේ චෝදනා වලටද, වරදකරුවන් වන බවයි ඉන්දීය උසාවිය තීන්දු කලේ.