චීන රතු නායකයකුට අල්ලස් දුෂණ චෝදනා

ප්‍රකට චීන දේශපාලක බෝ ශිලායි ට එරෙහිව අල්ලස් ගැනීම, බලය අයථා ලෙස පරිහරණය සහ දුෂණ චෝදනා නගා තිබේ.

මේ අනුව සති කිහිපයකින් ඔහුට නඩු පැවරීමට නියමිතයි.

නැගෙනහිර දිග ජිනාන් නුවර නීතිපති වරුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී හිඳීම නවත්වා වසරකටත් වැඩි කලකට පසු.

චොන්කින් නගරයේ හිටපු කොමියුනිස්ට් නායකයා වූ බෝ ශිලායි පක්ෂයේ නැග එන තරුවක් සේම රටේ වඩාත් බලවත් දේශපාලකයෙක් සේ ගැනුණු අයෙක්.

නීතිය ඉදිරියේ සමානතාව

ජිනාන් පළාතේ වැසියන් පිරිසක් තීන්දුව පිලිබඳ සතුට පළ කරමින් කියා සිටියේ හිටපු දේශපාලන බලවතා හට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු නැති බවයි.

"ආණ්ඩුව බෝ ශිලායි නඩුව පිළිබඳව සාධාරණ හා යුක්ති සහගත අයුරින් කටයුතු කරාවි කියා මං බලාපොරොත්තු වෙනවා. හැමෝම නීතිය ඉදිරියේ සමාන වෙන්න ඕන,"යයි අයකු පැවසීය.

ඔහුගේ වැටීම රටේ ඉහලම බල අධිකාරිය තුල පවත්නා දුෂණය සහ දේශපාලන බේද භින්න හුවා දක්වන බවයි චීනයේ බීබීසී වාර්තා කරුවකු පැවසුවේ.