ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් අසුවක් මරුට

අඩුම වශයෙන් අසූ දෙනකුට මරු කැඳවමින් තවත් බොහෝ දෙනකුට තුවාල සිදු කරමින් වයඹ දිග ස්පාඤ්ඤයේ සිදුවූ දුම්රිය අනතුරකින් අනතුරුව රටේ අගමැති වරයා තුන් දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

සන්තියාගෝ ද කොම්පොස්ටෙල (Santiago de Compostela) නගරයට මදක් එපිටින් අනතුර සිදුවූ ස්ථානය දැක බලා ගත් පසුයි අගමැති මරියානෝ රහොයි (Mariano මේ බව කියා සිටියේ.

අනතුරට හේතුව කුමක්දැයි සොයා ගැනීමට 'එකිනෙකට සම්බන්ධ' පරීක්ෂණ දෙකක්ම ආරම්භ කොට ඇති බව ඔහු දැනුම් දුන්නේය.

Image caption දුම්රිය අනතුර සිදුවූ ස්ථානයට ගිය ජනාධිපති මරියානෝ රහොයි (වමේ සිට දෙවැන්නා)

"එකක් අධිකරණයෙන්. අනික දුම්රිය අනතුරු පරීක්ෂණ කොමිසමින්," ඔහු පැවසීය.

ආරක්ෂක කැමරා දර්ශන

මැඩ්රිඩ් අගනුවර සිට ගමන් ඇරඹු දුම්රිය අනතුරට භාජනය වන අවස්ථාවේ මැදිරි වල සිටි මගීන් සංඛ්‍යාව දෙසිය විස්සක් පමණ.

පැත්තට පෙරලීමට කලින් දුම්රිය වංගුවකදී විසිවනු ආරක්ෂක කැමරා වල පටිගත වූ දර්ශන වල දැක්වේ.

දිවි ගලවාගෙන ඇති රියදුරන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ප්‍රශ්න කැරෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය සමාගම පවසා තිබුනේ දුම්රිය සඳුදා ආරක්ෂාව පිලිබඳ කාර්මික සමීක්ෂණයකට යටත් කරුණු බව.දුම්රිය වංගුවක් පසුකිරීමෙදී සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ධාවනය කෙරෙමින් තිබුණු බවයි ජන මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය වංගුවක් පසුකිරීමෙදී සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ධාවනය කෙරෙමින් තිබුණු බවයි ජන මාධ්‍ය වාර්තා කළේ.