ඇමෙරිකානු පොලිසියට අමතක වූ ශිෂ්‍යයාට ඩොලර් හතළිස් ලක්ෂයක වන්දියක්

Image caption ඩැනියෙල් චොන්ග් ශිෂ්‍යයා කියා සිටින්නේ, ආහාර පාන නොසැපයුන හෙයින් සිය මුත්‍රා පානය කිරීමෙන් ජීවිතය පවත්වා ගැනීමට ඔහුට සිදු වුන බවයි.

කැලිෆෝනියාවේ ශිෂ්‍යයකුට ඩොලර් ලක්ෂ හතළිහකට අධික වන්දියක් ගෙවීමට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇත.

එවැනි වන්දියක් ගෙවීමට සිදුව ඇත්තේ, එම ශිෂ්‍යයාට මාංචු දමා පොලිස් සිර මැදිරියක රඳවනු ලැබීමෙන් අනතුරුව ඇමෙරිකානු ෆෙඩරල් නිලධාරීන්ට ඔහු පිළිබඳව අමතක වීමේ සිද්ධියක්.

එම අතවරයට ගොදුරු වූ ඩැනියෙල් චොන්ග්(Daniel Chong) ශිෂ්‍යයා කියා සිටින්නේ, ආහාර පාන නොසැපයුන හෙයින් සිය මුත්‍රා පානය කිරීමෙන් ජීවිතය පවත්වා ගැනීමට ඔහුට සිදු වුන බවයි.

ඩැනියෙල් චොන්ග්(Daniel Chong) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කෙරුණ පොලිස් වටලෑමකදී අත්අඩංගුවට ගනු ලැබුනත්, සිරගත කිරීමක් හෝ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නො කෙරුණ බවයි, වාර්තා වන්නේ.

පොලිස් සිරමැදිරියෙන් මුදා හැරීමෙන් අනතුරුව ඩැනියෙල් චොන්ග්ට දවස් පහක් රෝහල්ගත වීමට සිදු වී ඇති අතර,ඉන් දින තුනක් ම ඔහු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබා තිබුණි .

පසුගිය වසරේ වූ ඉහත කී සිද්ධියෙන් තමන් දැඩි දුෂ්කර තත්වයකට පත් විනැයි එක්සත් ජනපද මත් ද්‍රව්‍ය මැඩලීමේ ආයතනය ප්‍රකාශ කර ඇත.